Friday 20 May 2011

මැරෙන මිනිස්සු!

දිළුම් නැති වෙලා. ඒක ගැන අපිට දුකයි. ඒත් මේක වවාගෙන කන එවුන්ගේ දුඉළුම්ගේ මිනිය බේරගන්න ඕන නිසයි මේ ලියන්නේ. වෙන කවුරුත් නෙමෙයි නෙරන්ජි සුලක්ඛනා. මම කියෝපු ලස්සන අදහස් තිබ්බ හොඳ කෙල්ලෙක්. මම ඒ බ්ලොග් එක ආසාවෙන් කියෙව්වා. ඒත් ඇයි නෙරන්ජි මෙහෙම පහලට වැටිලා?

ඔයා මෙහෙ අලුත් සාහිත්‍යක් බිහි කරා.ඔයාගෙ රූපයත් එක්ක තද කලු වර්ණය ලස්සන එළිය දෙනවා.ඒක හොයා ගත්තෙ මම .මතකද ඉන් පස්සෙ අනික් අය බැනර් හැදුවෙත් කළු පාට එකතු කරලා.හිනා යනවා නේද?..
නෙරන්ජි කලු පාටෙන් ඉමේජ් එකක් හැදුවම ඒක වෙනින් කාටවත් හදන්න බැරිද? ඇයි මෙයා ඒකට හින්ට් ගහලා තියෙන්නේ? එයා හින්ට් එක ගැහුවේ ජේඩී ෂේඩී ටත් ලිෂාන්ටත්. ඒ අයියලා දෙන්නත් එක්ක බලද්දි මෙයාගේ ග්‍රැෆික් මොනවද? මෙයා මොකද්ද ඒකෙන් බළාපොරොත්තු වෙන්නේ? මෙහෙම රෝස පාට පුරෝගෙන ගෑනුකම වපුරන අයගෙන් තමයි මේ ගෑනු කමට හානියක් වෙන්නෙත්.

අන්තර් ජාලය ඔස්සේ එකතු වෙච්චි එක කට්ටියක් අඩ නිරුවතින් මුහුදු වෙරළ වල නටද්දි..අපි එකතු වුණේ අයියා ගැන කතා කරන්න. වතුර වලට වඩා ලේ බර වැඩියි කිව්වාට, ලේ වලින් නොබැඳුණු සහෝදර කම් ඊට වඩා බර වැඩියි.
නැතුව නෙරන්ජි ඔයා අදහස් කරන්නේ හෙළුවෙන් බීච් එකේ නටන්නද? එහෙම නැත්තං කෝට් ඇඳගෙන බීච් එකේ නටන්නද? දැනට බීච් ගිහින් ඇත්තේ ෆේස් බුක් එකේ කවි ලියන සෙට් එකයි, ෆිට් එකේ සෙට් එකයි, ගූගල් බස් සෙට් එකයි. ඔයාට ඊරිසියද? නැත්තං මොන අහේතුවකටද ඔයාගේ මේ ලිවිල්ල මෙහෙම ගොඩේ ලිඳ ලඟ ගෑනියෙක් ඝනේට වැටිලා තියෙන්නේ? ජීවිතේ තියෙන අතපසුකම් තමන්ගේ වැරැද්දෙන් හෝ ස්වභාවයෙන් වෙන දේවල්. ඒවට අනුන්ට ගරහන්න එපා!


අනික ඔයා වටේටම දේශනා කරලා අන්තිමට අරගෙන දාලා තියෙන්නෙත් ලිෂාන් අයියා ගත්තු ෆොටෝ එකක් නේද? මම දන්නේ නෑ අවසරයකින් ගත්තද කියලා. ඒ නැතත් ඔයා ලිඳෙන්ම වතුර බීල ලිඳටම පහරන එක හොඳ මදියි නේද?

මම හුඟක් ආසාවෙන් කියවපු කෙල්ලෙක් ලියන බ්ලොග් එකක් මෙහෙම නාස්ති වෙච්ච එක ගැන දුකයි. ඔයා ඉස්සරහට වෙනද වගේම හුඟක් හොඳ දේවල් ලියයි. ඒත් දැන් වැඩක් නෑ. කිරි කලේට ගොම බින්දුව වැටිලා ඉවරයි.

ඇයි අහින්සකයෙක්ගේ මරණයක් විකුනගෙන කාලා ඔයා ලොක්කෙක් වෙන්නේ?

14 comments:

  1. අපිනම් මෙයාගේ බ්ලොග් එක ඉස්සරත් ආසාවෙන් කියෙව්වේ නෑ. එයා ඉතින් මාධ්‍යාධිපතිනි නේ. එයා ඔහොම තමයි මරණයක් හරි විකුණගෙන කන්න බලන්නේ.

    අදාල නැති දෙයක්: ෆේස්බුක් එකේ රික්වෙස්ටයක් එව්වෙමි. ගොඩක් දෙනෙක් එවලා ඇතිනේ මාත් ඉන්නවා. නම පටන් ගන්නේ එන් අකුරෙන්. මම මගේ ගැන ගහලත් එවලා ඇති පොඩි මෙසේජ් එහෙක. පුලුවන්නම් ඇඩ් කරගන්න.

    ReplyDelete
  2. මැරිච්ච මිණිහෙක් ගැන දුකයි තමයි, ඒත් ඒ මිණිහට ආපහු ඉක්මණට එන්න කියන්න තරන් මුන් ගොන් ද? ඇත්තටම ගොන් ද දන්නෙත් නෑ!

    ReplyDelete
  3. I feel like something somewhere went terribly wrong... :o

    ReplyDelete
  4. අනේ මිතුරිය ඔබට හුඟාක් දුක හිතිලා...සමා වෙන්න.මම ලියපු දේ ඔබ බලලා තියෙන්නෙ තරහෙන්.සෑහෙන්න කල්පනා කළවිට එහි කේන්ති ගන්න දෙයක් ඔබ සොයා ගන්න ඇති.මම ඒ ගැන ඔබෙන් සමාව ඉල්ලනවා.මට සමහර නම් අමතක වුණා.ඔබ ඒවා මතක් කළා.ඔබ මට ගොඩාක් දොස් කිව්වනෙ.ඉතින් මම ඒවා හදා ගන්නම්..ස්තූතියි ඔබට.

    ReplyDelete
  5. අනේ නංගිලා . . .
    රන්ඩු වෙන්නේ නැතුව සාමෙන් සමාදානෙන් ඉන්න ළමායි . .

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. I saw her former post also and i do n't hv any negative cmnts on that. But I do have somekind of hideous feeln of bth f ya ( You and Ninu ). Wt's da point f fightn on somethn which is damn pointlss @ this very momnt.
    No doughts u 2 people cn be put in to one folder....

    Dilum's passed away and it's nt really a sweet thing to drag him in to a pointless stupid fight.

    I thnk both f ya showed us ur innerside.

    ReplyDelete
  8. @ සුලා, නීනු නෙරංජි,

    "මළවුන් ජීවත්වන්නන්ට පාඩම් උගන්වයි".

    මළගිය කෙනෙකු තම අභිමතාර්තයන්ට යොදා ගන්නා උබලා කොතරම් තුච්ජ සහගතද.... ??

    ReplyDelete
  9. මම ඔයාලාගේ බ්ලොග් කියවන කෙනෙක්. ඔයාලා කවුරුවත්ම මම පුද්ගලිකව දන්නේ නැහැ. ඒත් මට එක දෙයක් කියන්න පුලුවන්, ඒ තමයි... මැරිච්ච ඔයාලගේ යාළුවා ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ දේ නෙමෙයි කියන එක. ඔයාලා මේ වැඩකට නැති දේවල් දුරදිග අරන් යද්දි එයාට තමයි හොද නැත්තේ. පොඩ්ඩක් හිතන්න ඔයාලා මෙහෙම "ඉලන්දාරියා" නිසා මරා ගන්නවා එයාගේ පවුලේ කවුරුහරි දැක්කොත් මොනා හිතෙයිද ?.

    So as educated and intelligent people please don't continue this useless thing.

    ReplyDelete
  10. දයාබර සොයුරු සොයුරියනේ . . . කලකට ඉහත පෝස්ට් එකක් දැමූ සැනින් අනිකාගේ අදහස් ප්‍රකාෂ කිරීමේ අයිතිය ඉවසනු තරම් සංයමයක් නැතිව කා කොටා ගත් බ්ලොග් අවකාෂය එකමුතු කලේ දිලුම් සොයුරායි. ඔහුගේ මිනියේ උනුසුම නිමාවෙන්නත් ප්‍රතම යලිත් ඒ තත්වයට බ්ලොග් අවකාෂය රැගෙන නො එන මෙන් සියලු දෙනාගෙන් යටහත්ව ආදරයෙන් ඉල්ලා සිටින්න කැමතියි . . . මතවාදීමය ලෙස විවේචනය කරන්න . . එය සිදුවිය යුතුම දෙයක් නමුත් ඒ සමඟම පුද්ගලිකත්වයට පහර නොදෙන්න ත් වගබලාගන්න දයාබර සොයුරු සොයුරියනේ . .

    ReplyDelete
  11. ඒක හැබෑවක් සහෝදරී ඉතින්...කේන්ති ගන්න එපා..මගේ පෝස්ට් එක ගැන..දැන් හරිනෙ.දිලුම් අයියට සෙතක් වෙන්න කියලා ඔයාත් හිතන්න.

    ReplyDelete
  12. සුලා,

    බ්ලොග් කියන්නෙ මොකද්ද කියල දැන් තේරෙනව ඇති නෙ? ඔය එක එක ඒවා කියවද්දි මමත් ලියන්න පටන් ගත්තා. ඒත් අවවාදයක් අහල මම නැවතුනා. ඔය මිනිස්සු කවදත් ඔහොමයි. නාසිසිස්ටික් වෙලා ඉපදිලා හැමදාම ගෙවන්නෙත් නාසිසිස්ටික් දවස්. ෆෑන් බේස් එකේ හැටිත් පේනව ඇති නෙ.

    ගනන් ගන්න දෙයක් නැහැ. බ්ලොග් වල සාන්තුවරයො නැහැ. ඉන්නෙ සාන්තුවරයො පත්තිනි අම්මල වෙන්න හදන අය විතරයි.

    ReplyDelete