Friday 20 May 2011

මැරෙන මිනිස්සු!

දිළුම් නැති වෙලා. ඒක ගැන අපිට දුකයි. ඒත් මේක වවාගෙන කන එවුන්ගේ දුඉළුම්ගේ මිනිය බේරගන්න ඕන නිසයි මේ ලියන්නේ. වෙන කවුරුත් නෙමෙයි නෙරන්ජි සුලක්ඛනා. මම කියෝපු ලස්සන අදහස් තිබ්බ හොඳ කෙල්ලෙක්. මම ඒ බ්ලොග් එක ආසාවෙන් කියෙව්වා. ඒත් ඇයි නෙරන්ජි මෙහෙම පහලට වැටිලා?

ඔයා මෙහෙ අලුත් සාහිත්‍යක් බිහි කරා.ඔයාගෙ රූපයත් එක්ක තද කලු වර්ණය ලස්සන එළිය දෙනවා.ඒක හොයා ගත්තෙ මම .මතකද ඉන් පස්සෙ අනික් අය බැනර් හැදුවෙත් කළු පාට එකතු කරලා.හිනා යනවා නේද?..
නෙරන්ජි කලු පාටෙන් ඉමේජ් එකක් හැදුවම ඒක වෙනින් කාටවත් හදන්න බැරිද? ඇයි මෙයා ඒකට හින්ට් ගහලා තියෙන්නේ? එයා හින්ට් එක ගැහුවේ ජේඩී ෂේඩී ටත් ලිෂාන්ටත්. ඒ අයියලා දෙන්නත් එක්ක බලද්දි මෙයාගේ ග්‍රැෆික් මොනවද? මෙයා මොකද්ද ඒකෙන් බළාපොරොත්තු වෙන්නේ? මෙහෙම රෝස පාට පුරෝගෙන ගෑනුකම වපුරන අයගෙන් තමයි මේ ගෑනු කමට හානියක් වෙන්නෙත්.

අන්තර් ජාලය ඔස්සේ එකතු වෙච්චි එක කට්ටියක් අඩ නිරුවතින් මුහුදු වෙරළ වල නටද්දි..අපි එකතු වුණේ අයියා ගැන කතා කරන්න. වතුර වලට වඩා ලේ බර වැඩියි කිව්වාට, ලේ වලින් නොබැඳුණු සහෝදර කම් ඊට වඩා බර වැඩියි.
නැතුව නෙරන්ජි ඔයා අදහස් කරන්නේ හෙළුවෙන් බීච් එකේ නටන්නද? එහෙම නැත්තං කෝට් ඇඳගෙන බීච් එකේ නටන්නද? දැනට බීච් ගිහින් ඇත්තේ ෆේස් බුක් එකේ කවි ලියන සෙට් එකයි, ෆිට් එකේ සෙට් එකයි, ගූගල් බස් සෙට් එකයි. ඔයාට ඊරිසියද? නැත්තං මොන අහේතුවකටද ඔයාගේ මේ ලිවිල්ල මෙහෙම ගොඩේ ලිඳ ලඟ ගෑනියෙක් ඝනේට වැටිලා තියෙන්නේ? ජීවිතේ තියෙන අතපසුකම් තමන්ගේ වැරැද්දෙන් හෝ ස්වභාවයෙන් වෙන දේවල්. ඒවට අනුන්ට ගරහන්න එපා!


අනික ඔයා වටේටම දේශනා කරලා අන්තිමට අරගෙන දාලා තියෙන්නෙත් ලිෂාන් අයියා ගත්තු ෆොටෝ එකක් නේද? මම දන්නේ නෑ අවසරයකින් ගත්තද කියලා. ඒ නැතත් ඔයා ලිඳෙන්ම වතුර බීල ලිඳටම පහරන එක හොඳ මදියි නේද?

මම හුඟක් ආසාවෙන් කියවපු කෙල්ලෙක් ලියන බ්ලොග් එකක් මෙහෙම නාස්ති වෙච්ච එක ගැන දුකයි. ඔයා ඉස්සරහට වෙනද වගේම හුඟක් හොඳ දේවල් ලියයි. ඒත් දැන් වැඩක් නෑ. කිරි කලේට ගොම බින්දුව වැටිලා ඉවරයි.

ඇයි අහින්සකයෙක්ගේ මරණයක් විකුනගෙන කාලා ඔයා ලොක්කෙක් වෙන්නේ?

Thursday 30 December 2010

මල්ලිගේ වොඩ්කා

හාපෝ අද හරිම විකාර දවසක්! අද මම ලියන්න හිටියෙත් කවියක්. මට එච්චර හොඳට කවි ලියන්න බෑ. ඒත් ලියන්න හිටියේ කවියක්. ඒත් දැන් ලියන්න වෙන්නේ නෑ. අද දවසේ වෙච්ච වැඩ කියන්න හිතුනා. කවි හෙට.. නෑ අද ලියන්නම් මම අද දැකපු දෙයක්. එක හුඟක් මගේ හිතට වැදුනා. ඒත් මට ඒක මෙච්චර වෙලා අමතක වෙලා තිබ්බේ.

මට මල්ලියෙක් ඉන්නවා. තාම අවුරුදු 13යි. අද එයා තාත්තා බීලා ඉවර කරපු වොඩ්කා බෝතලයක් අරගෙන ඒකට වතුර පුරවගෙන. මම දැක්කා අම්මා එකපාරකුත් අහනවා එයාගෙන් මොකදා ඒ කියලා. මේ හොරා මොකුත් කිව්වෙත් නෑ. එයා වතුර පුරවගෙන අර වොඩ්කා බෝතලෙන් කට තියාගෙන බොනවා. අද හවස එයාගේ යාලුවෙක් ගෙදර ආවා. මම අහගෙන එයා කියනවා තාත්තගේ අල්මාරියෙන් හොරකම් කරාලු බාගයක් තිබිලා. මට හිනත් ගියා. මොකද මම දැක්කා තාත්තා ඕක බීලා බෝතලේ එලියෙන් ගෙනත් තියනවා. මම තවත් අහගෙන හිටියා. යාලුවා ඇහුවා කොහොමද බිව්වේ කියලා. මේකා කියනවා ගෙදරට හොරෙන් ටික ටික බිව්වලු. ඊටපස්සේ යාලුවා ඇහුවා කවදද බීලා ඉවර උනේ කියලා. මේකා කියනවා අද දවල්ලු. යාලුවා හොඳටම අහුවෙලා මෙයාගේ බොරුවට. මට මෙයා බේබද්දෙක් වගේ පෙන්නලා යාලුවෝ ඉස්සරහා බොරුවට රඟපාන එක බලාගෙන ඉන්න බැරි නිසාම මම යාලුවා එලියට ආවහම මෙයාගෙන් ඇහුවා "කෝ අර බෝතලේ දෙන්න ඔයාගේ වැඩේ කරගෙන ඉවරනම්.. අන්න අම්මා ආපහු ඉල්ලුවා" කියලා. මල්ලිට කරගන්න දෙයක් නැති උනා. යාලුවත් හිනා වෙලා ගියා. ඒත් මට පුදුම එයා මට වෙනසක් නොපෙන්නපු එක ගැන.


මම මනම් බොනවට විරුද්ධ නෑ. ඒත් බොන්නේ නැත්නම් ඒ ගැන කියන්න ලැජ්ජා වෙන්න ඕනෙත් නෑ. ඒ වගේම නොබොන කට්ටියක් මැද ත්මන් බොනවා කියලා කිව්වට ලොකු මිනිහෙක් වෙන්නේ නෑ කියලත් හිතේ තියාගන්න ඕන. අනික මේ පොඩි ලමයෙක්ට මොන ලොකුකමක්ද බොන එක. මේ කොල්ලෝ කරන්නෙම බොරුව.බොරුවට රඟපාන එකමයි.. හි හී..

 මට ඒ දෙයින් හිතිච්ච ටික මම කවි කියලා හිතන විදියට ලියන්නම්. මොකද මම කවි කියලා කොටු වෙච්ච දෙයක් දකින්නේ නෑ. ඒක ඕනම දෙයක්, විදියක් වෙන්න පුලුවන්නේ.

ලස්සන රතු බෝතලයක
ලිවුනු අකුරු කිරි සුදකට
සෝදා අහවර කල පසු
සුවඳ පමණි ඉතුරු උනේ...

අනුන් විඳපු බෝතලයක
පුරවා වතුරක් බීවට
එයින් කිසිම වින්දනයක්
නැහැ නොවෙ ඔබ හට දැනුනේ?

තලන පෙලන සමාජයක
බිව්වා නොබිව්වා ඔබ හට
විඳිනට සිදුවෙයි ගැරහුම්
සැක නැත මා මළනුවනේ...

උදව්වක්: මට යුනිකෝඩ් කන්වර්ටර් එකේ "බින්දුව" ටයිප් කරන හැටි දන්න කෙනෙක් කියලා දෙනවද? මොකද මම තාම සින්හල බ්ලොගින් වලට අලුත්!

Sunday 5 December 2010

In

මේ මගේ පලවෙනි බ්ලොගින් experience එක. මම හුඟක්ම බ්ලොග් කියෙව්වේ කොත්තු reader එකේ. ඒත් පස්සේ SBU එකෙන් කියවන්නත් පුරුදු උනා. එහෙම කියවලා ඇති වෙච්ච ආසාව තමයි මේ. මම හිතනවා බලොගින් එච්චර අමාරු challenge එකක් නෙමෙයි කියලා. ඉස්සරහට මගේ ගැන සහ මගේ අත්දැකීම් ඇන ලියන්නම්.බොහොම ස්තූතියි!